පන්දු 18 යි අර්ධ ශතකයයි T20 කඩුලු 200යි

අගෝ 08, 2023

    2023 LPL තරගාවලියේ 12 වන තරගය බී ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් අතර අද දහවල් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

    කාසියේ වාසිය දිනූ ටයිටන්ස් නායක දසුන් ශානකගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැන්ඩි පිල මෙවර තරග වාරයේ මෙතෙක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

    ප්‍රවේගකාරී ඉනිමක් ගොඩනැගූ කැන්ඩි නායක හසරංග සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 18 කින්. එය මෙවර තරගවාරයේ මෙතෙක් වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයයි. කැන්ඩි පිළ වෙනුවෙන් වනිදු ලකුණු 64ක් සහ ෆකාර් සමන් ලකුණු 45 ක් රැස් කළා. ලහිරු සමරකෝන් කඩුලු 2ක් දවා ගත්තා.

    ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දු වාර 16.4 කදී සියල්ලන් දැවී ලකුණු 114ක් පමණයි.ඒ අනුව කැන්ඩි කණ්ඩායම ලකුණු 89 ක පහසු ජයක් ලබා ගත්තා.

    පන්දුවෙන්ද දස්කම් දැක්වූ කැන්ඩි නායකයා ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් ටයිටන්ස් කඩුලු 3ක් ඩැහැ ගත්තා. තරගයේ වීරයා වනිදු හසරංග.

    T20 තරග 152 කට ක්‍රීඩා කරමින් වනිදු හසරංග කඩුලු 205 ක් දවාගෙන තිබෙනවා. එය සිහිකරමින් අද ඔහු හැඳ සිටි ටීෂටයේ ක්‍රීඩක අංකය 49 වෙනුවට 200 ලෙස වෙනස් කර තිබුණා.

    Last modified on අඟහරුවාදා, 08 අගෝස්තු 2023 18:50

    Latest News