ජනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ජූලි 29, 2023

    මීටර 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ජනිදු ලක් විජය අද සමත් වුණා.

    ඒ, ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තප්පර 13.77 ක කාලයකින් නිම කරමින්. ‍මීට‍ර 400 පිරිමි ධාවන ඉසව්වේදී කාලිංග කුමාරගේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවනු ලැබුවා. 101 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද දෙවැනි දිනටත් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මීටර 400 පිරිමි ධාවන ඉසව්ව කාලිංග කුමා‍රගේ ජය ගත්තේ, තප්පර 45.07 ක කාලයක් වාර්තා කරමින්. වසර 23 කට පසුව මෙරට ක්‍රීඩකයෙකු එම ඉසව්වට වාර්තා කළ හොඳම කාලය මෙයයි. කාලිංග කුමාරගේ තම ක්‍රීඩා දිවියේ එම ඉසව්වට වාර්තා කළ හොඳම කාලය ද මෙයයි. එහි දෙවැනි ස්ථානය දිනූ අරුණ දර්ශන ද තම ක්‍රීඩා දිවියේ හොඳම කාලය වාර්තා කරමින්, තප්පර 45 යි දශම 4 යි 5 ක කාලයකින් තරගය අවසන් කළා.

    Latest News