ඇෆ්ගනිස්තානය සමග තරගවදින ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

මැයි 30, 2023

    ඇ‍ෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බවයි.  නම් කළ ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දරන්නේ, දසුන් ශානකයි. උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර තිබෙනවා. පිතිකරුවන් ලෙස කැඳවා ඇත්තේ, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රජිත සහ යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ වේග පන්දු බල ඇණියට ඇතුළත්. දඟ පන්දු යවන්නන් ලෙස කැඳවා තිබෙන්නේ, වනිඳු හසරංග, දුෂාන් හේමන්ත සහ මහීෂ් තීක්ෂණයි.

    අයි පී එල් තරගාවලියේදී වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක් වූ අතර, ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා. පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට කැඳවා ඇති දිමුත් කරුණාරත්න, 2021 වසරෙන් පසු එක්දින තරගයකට ක්‍රීඩා කර නැහැ. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි. අනෙක් තරග දෙක පැවැත්වෙන්නේ, ජුනි 4 සහ ජුනි 7 වැනි දිනයි.

    Latest News