වනිඳුට තරඟ තහනමක්

මාර් 20, 2024
    ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ඊයේ (19) පියවර ගත්තා.

    ඒ, බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙන්.

    බංග්ලාදේශය සමග පසුගියදා පැවති තරගයේ දී වනිඳු හසරංග විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්රකාශ කිරීම හේතුවෙන් මෙම තරග තහනම පැනවෙනු ඇති.
    තුන්වැනි එක් දින ක්‍රිකට් තරගයේ බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී වනිදු හසරංග විසින්, විනිසුරුවරයෙකුගෙන් තම හිස්වැස්ම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා විහිලුවකට ලක් කිරීම සිදුව ඇති බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙනවා. 
     
    ඒ අනුව, වනිදු හසරංගට තවත් දඬුවම් ලකුණු 3 ක් ලබාදී ඇති අතර, තම තරග ගාස්තුවෙන් සියයට 50 ක් දඩ ලෙස නියම කර තිබෙනවා. 
     
    ඒ අනුව, මාස 24 ක් තුළ වනිදු හසරංගගේ දඬුවම් ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ යාම හේතුවෙන් ඔහුට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හෝ එක් දින හෝ 20-20 තරග හතරක තහනමක් පැණවීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.  ඒ අනුව, බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙක වනිදු හසරංගට හිමි වනු ඇති. 
     
    මින් පෙර ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගාවලියේදී විනිසුරු විවේචනය කිරීම හේතුවෙන් වනිදුට තරග දෙකක තහනමක් පැණවනු ලැබුවා.
     
    ඒ අනුවයි, ඔහුට බංග්ලාදේශය සමග පැවති 20-20 තරග දෙක අහිමි වූයේ.  මේ අතර, බංග්ලාදේශය සමග පැවති තුන්වැනි එක් දින තරගයේදී ක්‍රිකට් විනය නීති උල්ලංගණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා එක් දින නායක කුසල් මෙන්ඩිස්ටද තරග ගාස්තුවෙන් සියයට 50 ක් දඩ ලෙස නියම කර තිබෙනවා
    Last modified on බදාදා, 20 මාර්තු 2024 09:26

    Latest News