ඔසී ඉදිරි ගමනේ තීරණාත්මක තරගයක් අද

ඔක් 31, 2022

    පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් බ්‍රිස්බේන් හීදී අද පැවැත්වෙනවා. ඒ, ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතරයි.

    තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. 

    ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගාවලියේ මීළග වටයට පිවිසීම සදහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වනවා.

    සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ මේවනවිට රැදී සිටින්නේ සිව්වන ස්ථානයේයි. ඒ අනුව මෙම තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නම් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයගැනීම අනිවාර්ය වනවා.

    Latest News