බංග්ලාදේශ පිලට ලකුණු 3ක ජයක්....

ඔක් 30, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගයෙන් ජය වාර් තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

    තරගය අද පැවැත්වුණේ, බ්‍රිස්බේන් හිදී. කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව, ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 150 ක්. වැඩිම ලකුණුලාභියා වෙමින් නජ්මුල් හුසේන් ලකුණු 71 ක් ලබා ගත්තා. පන්දු 55 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහරක් ඇතුළත්. අෆීෆ් හොසේන්, ලකුණු 29 යි. පන්දු යැවීමේදී ගරවා සහ ‍බ්ලෙසින් මුසරබානි අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 4 දැවී ගියේ, ලකුණු 35 කට. රෙගිස් චකබ්වා ලකුණු 15 ක් රැස් කළා.

    Latest News