දික්වැල්ල,අසිත හා මතීෂ සංචිතයට

ඔක් 26, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට තවත් අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුලත් කර තිබෙනවා.

    ඔවුන් අද රාත්‍රී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි. ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධයන්ට ලක්වීම මෙලෙස අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු සංචිතයට ඇතුළත් කිරීමට හේතුවයි.

    කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ අද රාත්‍රී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනවා. කෙසේ වුවද, මෙම ක්‍රීඩකයින් එරට මෙල්බර්න් නුවරදී පුහුණුවීම්වල නිරත වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ, ඔවුන් ජාතික සංචිතයට එක් වන්නේ, ඉදිරියේදී අවශ්‍යතාවයක් වු‍වහොත් පමණක් බවයි.

    Latest News