ලංකාවට මංගල ඡය

ඔක් 23, 2022

    අයර්ලන්තය කඩුළු 9කින් පරාජයට පත්කරමින් සුපිරි 12 වටයේ මුල්ම ඡයග්‍රහණය ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

    කාසියේ වාසිය දිනූ අයර්ලන්තය මුලින්ම පන්දුවට පහරදෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගත්තා.හැරී ටෙක්ටර් ලකුණු 45ක් සහ පෝල් ස්ටර්ලින් ලකුණු 34ක් ලබා ගත්තා. මහේෂ් තීක්ෂණ හා වනිදු හසරංග අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. ලහිරු කුමාර,බිනුර ප්‍රනාන්දු,චාමික කරුණාරත්න හා ධනන්ඡය සිලුවා එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

    පිළිතරු ලෙස පන්දුවාර 15ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලුකුණු 133ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව තරගය පහසුවෙන් ඡයග්‍රහණය කලා. වේගවත් ඉනිමක් දියත් කල කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් ලබා ගත්තේ පන්දු 43 කදී හයේ පහර 3ක් හා හතරේ පහර 5ක්ද සහිතවයි. ඔහුට අනගි සහයක් ලබා දුන් ධනංඡය ද සිල්වා සහ චරිත් අසලංක ලකුණු 31 බැගින් ලබා ගත්තා.

     

    Last modified on ඉරිදා, 23 ඔක්තෝබර් 2022 13:47

    Latest News