ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරග දෙකක් අද

ඔක් 20, 2022
    පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් තරග දෙක අද පැවැත්වෙයි. පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි. 

    නෙදර්ලන්තය මේවනවිට තමන් සහභාගී වූ තරග දෙකම ජයගනිමින් ඒ කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි. එක් තරගයක් පමණක් ජයගත් ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ පසුවන්නේ තුන්වන ස්ථානයේයි. ශ්‍රී ලංකාව පරාජය කළ නැමීබියාව ඉහළ දළ ලකුණු වේගයක් සමග මේවනවිට ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ දෙවන ස්ථානයේ.

    ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් ඔවුන්ට ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකිවෙයි.

    අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට Geelongහිදී ආරම්භවීමට නියමිතයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ඔක්තෝබර් 2022 08:23

    Latest News