ඉන්දීය, ඕස්ට්‍රේලියා දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක්...

සැප් 24, 2022

    ඉන්දියාව සහ ඕට්‍රේලියාව අතර පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ඉන්දිය කණ්ඩයම සමත් වුණා.

    තරගය ඊයේ (23) පැවැත්වුණේ ඉන්දියාවේ නාග්පූර්හිදි. තරගයට අයහපත් කාළගුණයෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 8කට සිමා කෙරුණා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕ‍ස්ට්‍රේලියාව නියමිත පන්දුවාර සංඛාව අවසානයේ කඩුලු 5ක ට ලකුණු 90ක් රැසක් කළා. මැතිව් වේඩ් නොදැවී ලකුණු 43යි. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්. ඇක්සර් පටෙල් කඩුලු 2ක් දවා ගත්තා. ලකුණු 91 ජයග්‍රහි ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායම කඩුලු 6ක් අතැතිව ජය ලබාගත්තා. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 46‍. ඊ‍ට හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්. ඇඩම් සම්පා කඩුලු 3ක් දවා ගත්තා. තරගයේ වීරයා රෝහිත් ෂර්මා.  ඒ අනුව තරග තුනකින් සමන්විත ඉන්දු ඕ‍ස්ට්‍රේලියා 20 -20 තරගාවලිය 1 ට එකක් ලෙස සම වනවා. දෙරට අතර අවසන් තරග හෙට නාග්පූර් හිදී පැවැත්වීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 24 සැප්තැම්බර් 2022 12:59

    Latest News