පකිස්ථානය පරදා එංගලන්තයට ලකුණු 63ක ජයක්...

සැප් 24, 2022

    පකිස්ථානය සහ එන්ගලන්තය අතර තරග 7කින් සමන්විත 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ලකුණු 63කින් ජය ගැනීමට එන්ගලන්ත කණ්ඩායම සමත් වුණා.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3කට ලකුණු 221 රැස් කළා. හැරි බ්‍රෝරෝක් නොදැවී ලකුණු 81යි. බෙන් ඩකඩ් නොදැවී ලකුණු 70යි. පන්දු යැවීමේදී උස්මන් කදර් කඩුලු 2ක් දවා ගත්තා.

    ලකුණු 222ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පකිස්ථානයට නියමිත පන්දුවාර 20 තුළ රැස්කර ගැනීම හැකි වූයේ ලකුණු 158 ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා ෂාන් මෂුඩ් ඔහු ලකුණු 65යි. පන්දු යැවීමේදී මාර්ක් වූඩ් කඩුලු 3ක් දවා ගත්තා.

    Latest News