සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් ටෙනිස් පිටියෙන් සමුගනී...

සැප් 24, 2022

    ස්විට්සර්ලන්තයේ ‍රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් දිවියෙන් සමුගෙන තිබෙනවා.

    ඔහු ලොව බිහිවූ සුපිරිතම ටෙනිස් ක්‍රීඩකයෙක්. රොජර් ෆෙඩරර් ජයග්‍රහණය කර ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණන 20ක්. ඊට විම්බල්ඩන් ටෙනිස් ශූරතා 8ක් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා 6ක්, අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතා 5ක් සහ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා එකක් ඇතුළත්.

    අවස්ථා රැසකදීම ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ පසුවූ රොජර් ෆෙඩරර් ජයගහ්‍රණය කර ඇති සමස්ත ටෙනිස් ශූරතා සංඛ්‍යාව 103ක්. 1998 වසරේදී ජාත්‍යන්තර ටෙනිස් පිටියට පිවිසි රොජර් ‍ෆෙඩරර් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති ලේවර් කුසලාන ටෙනිස් තරගාවලියේදී ජාත්‍යන්තර ‍ටෙනිස් පිටියට සමුදුන්න. එම අවස්ථාවට ලොව ප්‍රබලතම ටෙනිස් ක්‍රීඩකයින් සහභාගි වීම ද විශේෂත්වයක්.

    Latest News