ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි...(වීඩියෝ)

සැප් 22, 2022
  • ආසියානු ශුරතාව දිනු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමු වුණා.

    හමුව සිදුවුනේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී. ‍‍කොළඹ-ලුම්බිණි විද්‍යාලයෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් තලයේ ජයග්‍රහණ ලබා දුන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක්, විද්‍යාලයේ දී පැවැත්වුණා. 2021 /2022 වර්ෂවලදී ලුම්බිණි විද්‍යාලය නියෝජනය කරමින් ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඊට එක් වුණා. කෙන්යාවේ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ මේධානි ජයමාන්න, මීටර 100 කනිෂ්ඨ ජාතික ශූර චරිත් පියුමාල්, ආසියානු කනිෂ්ඨ පැරා තරගාවලිය නියෝජනය කළ ඉසුරු හසන්ක, ස්පාඤ්ඤයේ පැවැත්වෙන‍ 17 න් පහළ කනිෂ්ඨ ලෝක ශූරතාවය සඳහා සහභාගී වන බැඩ්මින්ටන් ක්‍රීඩිකා වරන්ගා ජයවර්ධන, වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ සකුණ ලියනගේ සහ ජාතික පා පැදි තරගාවලියේ ඉහළ දෂ්කම් දැක්වූ එච්. එම්. මීමනගේ පෙරේරා යන ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇතුළත්. විදුහල්පති සරත් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා.

    Latest News