ආසියානු ක්‍රිකට් කිරුළ කාටද ?

සැප් 11, 2022

    2022 ආසියානු කුසලාන පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද (11) රාත්‍රී 07.30 ට ඩුබායි හිදී ආරම්භවීමට නියමිතයි.

    ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මෙවර ශ්‍රීලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබුයේ 12 වැනි වරටයි. ඒ අනුව" ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන ඇති වාර්තාව ද ශ්‍රී ලංකාව සතුයි. වැඩිම වාර ගණනක් ශූරතාව හිමිකරගෙන ඇත්තේ ඉන්දිය කණ්ඩයමයි. ශ්‍රී ලංකාව 5 වරක් ආසියානු ක්‍රිකට් කිරුළ හිමිකරගෙන ඇති අතර,  පකිස්ථානය ශුරතාව හිමිකරගෙන ඇත්තේ දෙවරක් පමණි.

    Latest News