ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් පළමු එක්දින තරග ජයග්‍රහණය...

සැප් 03, 2022

    ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගයක් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබෙනවා‍.

    ඒ, අද ඔස්ට්‍රේලියාවේදී පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජයගනිමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 31 දී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 141ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වෙමින් ඩේවිඩ් වෝනර් ලබාගත් ලකුණු සංඛ්‍යාව 94ක්. ඔහුගේ ඉණිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් ඇතුළත්. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 19යි. ඔස්ට්‍රේලියාවේ සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසුකළේ නැහැ. පන්දු යැවීමේදී රයන් බර්ල් ලකුණු 10කට කඩුලු 5යි. පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 39කදී කඩුලු 7ක් දැවී ලකුණු 142ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා. වැඩිම ලකුණු ලාභියා වූ නායක රෙගිස් චකබ්වා ලකුණු 37යි.

    Latest News