සුපිරි වටයේ තරග අරඹමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද තරග බිමට...

සැප් 03, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම 4 වටයේ තරග අද ආරම්භ කෙරෙනවා.

    ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද ඇෆ්ගනිස්ථානයට එරෙහිව සාජා හීදී පැවැත්වෙනවා. මේ අතර ඒ, කාණ්ඩයෙන් සුපිරි 4 වටය‍ට සුදුසුකම් ලබාගත් දෙවැනි කණ්ඩායම බවට පත්වීමට පාකිස්ථානය ඊයේ සමත්වුණා.  පකිස්ථානය හා හොංකොං කණ්ඩායම අතර තරගය සාජා හීදි ඊයේ පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 20 අවසනායේ කඩුලු 2ක් දැවීලකුණු 193ක් රැස්කළා. මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 78යි. ෆකාර් සමාන් ලකුණු 53යි.

    පන්දු යැවීමේදී ඉෂාන් ඛාන් කඩුලු 2යි. පිළිතුරු ලෙස හොංකොං කණ්ඩායමට පන්දුවාර 10යි, පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ, ලකුණු 38ක් පමණයි. එය හොංකොං කණ්ඩායම 20-20 තරග ඉතිහාසයේ දැවී ගිය අවම ලකුණු ගණනයි. මේ අතර ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටක‍ට එරෙහිව 20-20 තරගයක කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.පකිස්ථානය තරගය ලකුණු 155කින් ජයගත්තා. ඔවුන් වැඩිම ලකුණු පරතරයකින් ජයගත් 20-20 තරගය ද මෙයයි.

    Latest News