ශහීන් ෂා අ‍ෆ්රියඩිට ආසියානු කුසලානය මගහැරෙයි

අගෝ 21, 2022

    පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අ‍ෆ්‍රිඩිට එළැඹෙන ආසියානු කුසලානය මගහැරී යනවා.  ඒ,  ඔහු ආභාධයකට ලක්වසිටීම හේතුවෙන්.

    පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන්නේ ශහීන් ෂා අෆ්‍රිඩී.

    ඔහු මේ වන විට පාදයේ ආභාධයකට ලක්ව ඇති අතර කණ්ඩායමේ වෛද්‍ය කමිටුව ප්‍රකාශ කර තිබෙන්නේ ඒ හේතුවෙන් සති 06ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බවයි.

    ඔක්තෝබර් මාසයේදී ආරම්භ වන 20 - 20 ලෝක කුසලාක ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවීමේ හැකියාව ලැබෙනු ඇති බවයි වෛද්‍ය කමිටුව විශ්වාසය පළ කරන්නේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 27වැනිදා එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේදී ආරම්භ වනවා. 

    Latest News