ඔස්ට්‍රේලියාව පෙරමුණට පත් කරමින් පොදුරද මඩුළු ක්‍රීඩා උළෙල නිමාවෙයි

අගෝ 09, 2022

    දින 11 ක් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ නිමාවට පත් වුණා. ක්‍රීඩා උළෙල පැවැත්වුණේ, එංගලන්තයේ බර්මිංහැම් නුවරදී.



    සමාප්ති උළෙල පැවැත්වුණේ, බ්ර්මිංහැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී. ගිනිකෙළි ඇතුළු අලංකාර සංදර්ශනවලින් උළෙල වර්ණවත් වුණා. උත්සවයට සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. එංගලන්ත රජපවුල නියෝජනය කළේ, එඩ්වඩ් කුමරුයි. රටවල් 72 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්දහසකට අධික පිරිසක් පදක්කම් 877 ක් වෙනුවෙන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තරග වැදුනා. පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ, ඔස්ට්‍රේලියාවයි. ඔවුන් රන් පදක්කම් 67 ක්, රිදී පද්කකම් 57 ක් සහ ලෝකඩ පදක්කම් 54 ක් සමගින් සමස්ත පදක්කම 178 ක් ලබා ගැනීමට සමත් වුණා. සත්කාරක එංගලන්තය රන් පදක්කම් 57 ක්, රිදී පදක්කම් 66 ක් සහ ලෝකඩ පදක්කම් 53 ක් සමගින් සමස්ත පදක්කම 176 ක් හිමි කර ගනිමින්, දෙවැනි ස්ථානයට පත් වුණා. රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 3 ක් සමගින් පදක්කම් 4 ක් සමගින් ශ්‍රී ලංකාවට හිමි වුණේ, 31 වැනි ස්ථානයයි. මීලඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2026 මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිතයි.

    Latest News