මලල ක්‍රීඩා තරගාවලියට අවසන් මොහොතේ එක්වීමට අවස්ථාව...(වීඩියෝ)

ජූලි 31, 2022
  • ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරග සඳහා සුදුසුකම් ලැබූ මෙරට ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට අවසන් මොහොතේ තරගාවලියට එක් වීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

    ඒ අනුව, ඊයේ රාත්‍රියේදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ එක් පුහුණුකරුවෙකු මෙරටින් පිටව ගියා. තරගාවලිය පැවැත්වෙන්නේ, කොලෙම්බියාවේදී. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සුදුසුකම් ලැබුවා. ඒ, තරුෂි කරුණාරත්න, හිරුෂ හෂේන්, රුමේෂ් තරංග, නඳුන් කවීෂ බණ්ඩාර, අමේෂා හෙට්ටිආරච්චි, පසිඳු මල්ශාන් සහ ධනුක දර්ශනයි. ගුවන් ප්‍රවේශ පත්‍රවල ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඊ‍යේ පස්වරුව සඳහා මෙම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගීවීම සඳහා මෙරටින් පිටත් වීමට අවස්ථාව හිමි වුණේ නැහැ. අනතුරුව, ජනාධිපතිතුමන්ගේ මැදිහත්වී‍මෙන් ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන්ගේ සොයා බැලීමෙන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට අවසන් මොහොතේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමි වුණා.

    Latest News