පොදු රද මඩුළු පළමු ශ්‍රී ලංකා පදක්කම දිලන්කට...

ජූලි 30, 2022

    2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාගැනීමට දිලන්ක ඉසුරු කුමාර සමත්වුණා.

    ඒ, කිලෝග්‍රෑම් 55 බර පන්තියේ බර ඉසිලීමේ තරගයෙන්.  ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ , එංගලන්තයේ බර්මින්හැම් හීදි. දිලන්ක තරගයේ දී ස්නැච් ක්‍රමය යටතේ එසවූ බර කිලෝග්රෑ ම් 105ක්. ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 120ක බරක් ඔසවනු ලැබුවා. ඒ අනුව දිලංක තරගයේදී එසවූ සමස්ත බර කිලෝග්‍රෑම් 225ක්. ඒ අනුව ඔහුට තරගයේ ලෝකඩ පදක්කම හිමිවුණා. එහි රන් පදක්කම මැලේසියාවටත්, රිදී පදක්කම ඉන්දියාවටත් හිමිවුණා.

    Latest News