අදත් ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් රැසක් තරග බිමේ...

ජූලි 31, 2022

    2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන තෙවැනි දිනය අදයි.

    අදත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසීමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව ‍නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 110 දෙනෙකු සහභාගී වන්නේ, තරග ඉසව් 14 ක් වෙනුවෙන්. ඊයේ මෙරටට පළමු පදක්කම හිමි කර දීමට සමත් වුණේ, දිලංක ඉසුරු කුමාර. ඔහු, කිලෝ ග්රෑම් 55 බර පන්තියේ බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඔහු එස වූ සමස්ත බර කිලෝග්රෑම් 225 ක්. ශ්‍රී ලංකා ‍ඔලිම්පික් කමිටු නිලධාරීන් විසින් ඊයේ පදක්කම්ලාභී දිලංක ඉසුරු කුමාරට ක්‍රීඩා ගම්මානයේදී උපහාර දක්වනු ලැබුවා.

    Latest News