2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ ඇරඹේ...

ජූලි 29, 2022

    බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙරුණා.

    එය පැවැත්වෙන්නේ, එංගලන්තයේ බර්මින් හැම්හිදී.  ඊයේ (28) පැවති සමාරම්භක උත්සවය සංස්කෘතික අංගයන් රැසකගෙන් සමන්විත වුණා.  රටවල් 72 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පොදු රා‍ජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ පැවැත්වෙනවා.  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 110 ක්. සමාරම්භක උත්සවයේ දී ශ්‍රී ලංකා ධජය රැගෙන ගියේ බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානයක සහ ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු විසින්.  බ්‍රිතාන්‍යයේ ඔටුන් හිමි චාල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ ආරම්භ කළ බව, ප්‍රකාශයට පත් කළා. අගෝස්තු මස 8 වැනි දක්වා ක්‍රීඩා උලෙළ පැවැත්වීමට නියමිතයි.

    Latest News