2022 ආසියානු කුසළාන තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබියට

ජූලි 28, 2022

    2022 ආසියානු කුසළාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.  මීට පෙර තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

    අගොස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා ආසියානු කුසළාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා.  එහි සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව සතු වන බවයි වාර්තා වන්නේ. 

    ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ.ෂා මහතා නිව්දෙනයක් නිකුත් කරමින් කියා ඇත්තේ, ආසියානු කුසළාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සෑම උත්සහයක්ම ගත් නමුත්, අවසානයේ සාකච්ඡා රැසකින් පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය කරා රැගෙන යාමට තීරණය කළ බවයි. 

    මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඊට ආසන්නතම හේතුව බවයි ඔහු කියා ඇත්තේ. 

    ඔස්ට්‍රේලියා සහ පකිස්ථාන කණ්ඩායම් ශ්‍රී ලංකාව තරග සංචාරවල නිරත වුවද, ආසියානු කුසළානයේදී කණ්ඩායම් රැසක් එකවර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම හේතුවෙන් තරගාවලිය සාර්ථකව පැවැත්වීම ශ්‍රී ලංකාවට අභියෝගාත්මක බවද ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.     

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජූලි 2022 11:56

    Latest News