ඇන්ජලෝ මැතිව්ස්ගේ සියවැනි ටෙස්ට් තරගය අද...

ජූලි 24, 2022

    ශ්‍රී ලංකාව සහ පාකිස්ථාය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා.

    එය ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වන සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි. අද තරගය ආරම්භයට පෙර ඇන්ජලෝ මැතිව්ස්ට උපහාර පිදීමේ උත්සවයක් ද පැවැත්වුණා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස, චමින්ද වාස්, ඇන්ජලෝ මැතිව්ස්ගේ පවුලේ සමීපතයින් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසකගේ සහභාගීත්වයෙන්. ජාත්‍යන්තර ටෙස්ට් තරග සියයේ කඩඉම පසුකළ 6 වැනි ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්. මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් සහ සනත් ජයසූරිය එම කඩඉම පසුකර තිබුණා. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් වරම් හිමිකරගත්තේ 2009 වසරේ පාකිස්ථානයට ‍එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාගණයේදී. ඔහු මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 99කදි ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. එහිදි ඔහු ලකුණු 6876ක් රැස්කර ගෙන තිබෙන්නේ, ශතක 13ක් සහ අර්ධ ශතක 38ක් සමග. ඇන්ජලෝ ටෙස්ට් ඉණිමක රැස්කළ වැඩිම ලකුණු සංජව වන්නේ, 200ක්.

    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ අද ටෙස්ට් වරම් දිනාගත්තා. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්වරම් හිමිකරගත් 162 වැනි ක්‍රීඩකයායි.

    Latest News