මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්...

ජූලි 23, 2022

    මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව යළිත් අළුත් කිරීමට අමෙරිකාවේ සිඩ්නි මැක්ලගින් සමත්වුණා.

    ඒ, අමෙරිකාවේ ඔරිගන් හීදි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි‍යේදී.  සිඩ්නි මැක්ලගින් ඉසව්ව නිම කළේ තත්පර 50.68ක කාලයක් වාර්තා කරමින්. ඇය බිඳහෙළුවේ තමා විසින්ම මීට පෙර තත්පර 51.41 කාලයකින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි. එහි දෙවැනි ස්ථානය නෙදර්ලන්තයේ ෆෙම්කේ බෝල් දිනාගත් අතර තෙවැනි ස්ථානය අමෙරිකාවේ ඩලීලා ‍මොහොමඩ්ට හිමිවුණා.  

    මීටර් 400 කාන්තා ධාවන ඉසව්ව ජයගත්තේ බ‍හරේන් ක්‍රීඩිකා ශවුනි මිලර්. ඇය තත්පර 49.11 කාලයකින් තරගය අවසන් කළා.  අමෙරිකාවේ මයිකල් නෝමන් මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ ජය වාර්තා කළා. ඔහු තරගය නිම කළේ, තත්පර 44.29ක කාලයක් වාර්තා කරමින්.

    Latest News