කාන්තා සහය දිවීමේ ජය අමෙරිකාවට...

ජූලි 24, 2022

    ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ය 4 කාන්තා සහය දිවීමේ ඉසව්ව ජය ගැනීමට අමෙරිකාව සමත් වුණා.

    එහි පිරිමි ඉසව්ව ජය ගත්තේ, කැනඩාවයි. තරගාවලියේ 9 වැනි දිනයේදී අවසන් තරග ඉසව් 6 ක් පැවැත්වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ, අමෙරිකාවේ ‍ඔරිගන් හිදී. තුන්පිම්ම පිරිමි ඉසව්වේ ජය හිමිකර ගත්තේ, පෘතුගාල ක්‍රීඩක පෙඩ්රෝ පිචාඩේ. ඔහු දැක් වූ දක්ෂතාව මීටර 17 යි දශම 9 යි 5ක්. මීටර් 800 පිරිමි ධාවන ඉසව්ව ජය ගැනීමට කෙන්යාවේ එමානුවෙල් කිපිපෘතූයි සමත් වුණා. ඔහු ඉසව්ව නිමා කළේ, මිනිත්තුවයි තප්පර 43 යි දශම 7 යි 1 කින්. මීටර 5,000 කාන්තා ධාවන ඉසව්ව ජය ගැනීමට ඉතියෝපියාවේ ගුඩාෆ් සෙගේයි සමත් වූ අතර, ඇය තරගය නිම කළේ, මිනිත්තු 14 යි තප්පර 46 දශම 2 යි 9 කින්.

    පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ග්‍රනාඩා ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස් ජය හිමිකරගත්තා. ඒ, මීටර 90 යි දශම 5 යි 4 ක දුරක් සටහන් කරමින්. ඉන්දියාවේ නිරාජ් චොප්රා එහි දෙවැනි ස්ථානය දිනා ගත්තා. ඔහු දැක් වූ දක්ෂතාව මීටර 88 යි දශම 1 යි 3 ක්. මීටර් 100 ය 4 කාන්තා සහය දිවීමේ ඉසව්ව ජය ගත් අමෙරිකාව එය නිම කළේ, තප්පර 41 යි දශම 1 යි 4 කින්. එහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ජැමෙයිකාව සමත් වුණා. මීටර් 100 ය 4 සහය පිරිමි තරගයේ ජය කැනඩාව සතු වුණා. ඔවුන් තරගය නිමකළේ, තප්පර 37 යි දශම 4 යි 8 කින්. එහි දෙවැනි ස්ථානය අමෙරිකාවටත්, තෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයටත් හිමි වුණා.

    Latest News