ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වන සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට...

ජූලි 23, 2022

    ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වන සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (23) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩයිම පසුකරන 6 වැනි ක්‍රීඩකයා වන්නේ ද ඇන්ජලෝ මැතිව්ස්.  සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා ඊට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (23) උදේ ගාල්ලේදී පුහුණු වීම් සිදුකළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 99කදි ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

    එහිදි ඔහු ලකුණු 6876ක් රැස්කර ගෙන තිබෙන්නේ, ශතක 13ක් සහ අර්ධ ශතක 38ක් සමග. ඇන්ජලෝ ටෙස්ට් ඉණිමක රැස්කළවැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ, 200ක්. මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකු ටෙස්ට් තරග සියය පසුකර තිබෙනවා. ඒ, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් සහ සනත් ජයසූරියයි.

    Latest News