ශ්‍රී ලංකාව පළමු ඉනිම 431/6; චන්දිමාල් නොදැවී ලකුණු 118යි...

ජූලි 10, 2022

    ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.

    අද දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉණිමට කඩුලු 6ක් දැවී ලකුණු 431ක් ලබා සිටිනවා. ඒ, ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස්කළ ලකුණූ 364ට පිළිතුරු ලෙසයි. තරගය අද ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 184ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 85කටයි. ඇන්ජලෝ මැතිව්ස් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 38 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 52ක් රැස් කළා. තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත්වුණා. දිනේෂ් චන්දිමාල් අද වාර්තා කළේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකයයි. කමිදු පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 61ක් ලබා සිටියදී. අද දිනය නිමාවන විට දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 118ක් ලබා සිටියා.

    Last modified on ඉරිදා, 10 ජූලි 2022 19:15

    Latest News