ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ 3 වැනි දිනය අද

ජූලි 10, 2022

    සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.

    ඊයේ (09) තරඟය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටියේය.

    ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 6ක් ලබා සිටියදී දැවී ගිය අතර පසුව දෙවැනි කඩල්ල වෙනුවෙන් එක්වූ නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් ලකුණු 152 ක් රැස් කිරීමට සමත් විය.

    සිය 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ දිමුත් ලකුණු 86කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් සිය 14 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු නොදැවී ලකුණු 84 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

    ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු හයක් ලබා සිටින අතර ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 180 ක් පිටුපසින් පසුවෙයි.

    Latest News