ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ

ජූනි 06, 2022

    ශ්‍රී ලංකාව සමග හෙට (7) පැවැත්වෙන පළමු පන්දුවාර 20-20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබේ. 

    ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ ඇෂ්ටන් ඒගාර් ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස කණ්ඩායමට නම් කර තිබේ.

    ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල් හා ස්ටීව් ස්මිත් මෙන්ම මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් යන ක්‍රීඩකයින් යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවා තිබේ. 

    ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග 3කින් යුත් 20-20 තරගාවලියේ පළමු තරග 2 හෙට හා අනිද්දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

    96e13d5af46551223fd034106de63148

    Latest News