"පන්ජාබ් කිංග්ස්" පරදවා "ලක්නව් සුපර්ජෑන්ස්" ජයගනී...

අප්‍රේ 30, 2022

    ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර්ජෑන්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයෙන් ලක්නව් සුපර්ජෑන්ස් කණ්ඩායම ජය හිමිකරගත්තා.

    තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ පූනේ හි එම්.සී.ඒ. ක්‍රීඩාංගණයේදී. තරගයේ මුලින් පන්දුවට පහරදුන් ලක්නව් සුපර්ජෑන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 153ක් ලබාගත්තා. ක්වින්ටන් ඩී කොක් ලකුණු 46යි. දීපක් හුඩා ලකුණු 34යි. පන්දු යැවීමේදී කගිසෝ රබාඩා කඩුළු 4ක් බිඳ හෙලුවා.

    ලකුණු 154ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20තුළ කඩුලුු 08ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 133ක් පමණයි. ජොනී බෙයාස්ටෝ ලකුණු 32යි. පන්දු යැවීමේදී මොෂින් කාන් කඩුළු 03ක් දවාගත්තා. දුෂ්මන්ත චමීර සහ කුනාල් පාණ්ඩියා කඩුළු 02බැගින් බිද හෙළුවා. තරගයේ වීරයා කුනාල් පාන්ඩියා.

    මෙම ජයග්‍රහණයත් සමග ලක්නව් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත්වුණා.

    Latest News