IPL; ගුජරාට් ටයිටන්ස්ට ලකුණු 8ක ජයක්...

අප්‍රේ 24, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජය වාර්තා කළා. තරගය පැවැත්වු‍ණේ, මුම්බායි හිදී.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 156ක් රැස් කළා. හර්දික් පාණ්ඩයා ලකුණු 67යි. පන්දු 49කදී ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුලත්. පන්දු යැවීමේදී ඇන්ඩ්‍ර් රසල් කඩුලු 4ක් සහ ටිම් සවුති කඩුලු 3ක් දවාගත්තා. පිළිතුරු ලෙස කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 148ක් පමණයි. තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජයගත්තේ ලකුණු 8කින්.

    Latest News