IPL; රාජස්ථාන් රෝයල්ස්ට ලකුණු 7ක ජයක්...

අප්‍රේ 19, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජය ගත්තා.

    ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ මුම්බායි හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 217ක් රැස් කළා. ජෝෂ් බට්ලර් ලකුණු 103යි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුයේ, ලකුණු 210ක් පමණි. නායක ශ්‍රෙයාස් අයියර් ලකුණු 85යි. ඒරන් ෆින්ඩ් ලකුණු 58යි.

    පන්දු යැවීමේදී යුෂ්වේන්ද්‍ර චහාල් ලකුණු 40ට කඩුලු 5ක් දවාගත්තා. ඉනිමේ 17 වැනි පන්දු වාරයේදී ඔහු කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම ද විශේෂත්වයක්. තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 7කින්.

    Latest News