IPL ; RCB පිලට ලකුණු 16ක ජයක්...

අප්‍රේ 17, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 16ක ජයක් හිමිකර ගැනීමට රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

    තරගය පැවැත්වුණේ, මුම්බායිහිදී. මුලින් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කළා. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 66යි. ඊට 6 පහර 5ක් සහ 4 පහර 5ක් ඇතුළත්. ග්ලේන් මැක්වෙල් ලකුණු 55යි. පන්දු යැවීමේදී ශාදුල් කාකූර්, කලීල් අහ්මඩ්, ඇක්සර් පටෙල් සහ කුල්දීප් යාදෙව් කඩුල්ල බැගින් දවාගත්තා.

    අනතුරුව, ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත ලබාගත හැකි වූයේ, ලකුණු 173ක් පමණයි. ඩේවිඩ් වෝනර් ලකුණු 66යි. පන්දු යැවීමේදී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ජොෂ් හෙසල්වුඩ් කඩුලු 3ක් බිඳ හෙලුවා. තරගයේ වීරයා දිනේෂ් කාර්තික්.

    Latest News