IPL; ගුජරාටි ටයිටන්ස්ට කඩුලු 6ක ජයක්...

අප්‍රේ 09, 2022

    ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම ජය වාර්තා කළා.

    තරගය පැවැත්වුණේ මුම්බායිහිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 189ක් රැස්කළා. වැඩිම ලකුණු ලාභියා වූ ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 27කදී ලකුණු 64ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 4ක් ඇතුලත්. ෂිකර් දවාන් ලකුණු 35යි. පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් ලකුණු 22කට කඩුලු 3ක් දවාගත්තා.

    පිළිතුරු ලෙස ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී ජය වාර්ථා කළේ, කඩුලු 4ක් දැවී තිබියදී. ශුබ්මන් ගිල් පන්දු 59කදී ලකුණු 96ක් ලබාගත්තා. 4 පහර 11ක් සහ 6 පහරක් ඊට ඇතුලත්. පන්දු යැවීමේදී කගීසෝ රබාඩා ලකුණු 35ට කඩලුු 2යි.

    Latest News