IPL; කොල්කටා පිලට කඩුලු 5ක ජයක්

අප්‍රේ 07, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

    තරගය පැවැත්වුණේ ඉන්දියාවේ පූනේහිදී. මුලින් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 161ක් රැස් කළා. සුර්යකුමාර් යාදෙව් ලකුණු 52යි. පන්දු යැවීමේදී පැටි කමින්ස් කඩුලු 2ක් දවාගත්තා.
    ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ප්‍රවේගකාරී පිති හරඹයක නිරත වූ පැටි කමින්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක මෙතෙක් දෙවැනි වේගවත්ම අර්ධ ශතකය පන්දු 15කදී ලබා ගැනීමට සමත්වුණා. ඊට 6 පහර 6ක් සහ 4 පහර 4ක් ඇතුළත්. වෙන්කටේස් අයියර් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 50ක්. පන්දු යැවීමේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ටයිමල් මිල්ස් සහ මුරුගන් අෂ්වින් කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා. තරගයේ වීරයා පැටි කමින්ස්.

    Latest News