තරුණ ක්‍රීඩකයින් කෙරෙහි විශ්වාසයෙන් මාලිංග හෙට තරගයට

මාර් 02, 2019

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියට පිවිසෙන්නේ, ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගනිමින් පසුවයි. තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ ජොහැන්නස්බර්ග් හිදී පුහුණුවීම් කළේය. ශ්‍රී ලංකාවත්, දකුණු අප්‍රිකාවත් අතර මේ වනවිට පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 71ක්. ඉන් තරග 38ක් දකුණු අප්‍රිකාවත්, තරග 31ක් ශ්‍රී ලංකාවත් ජය ගත්තේය.

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව, දකුණු අප්‍රිකාවේ දී එක්දින තරග 28ක් ක්‍රීඩා කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 7ක් ජයගත් අතර, තරග 20ක් ජයගත්තේ දකුණු අප්‍රිකාවයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංගගේ නායකත්වයෙන් හෙට (03) තරගයට පිවිසෙයි. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වන තරගය රූපවාහිනී අයි නාලිකාවෙන් සජීව ලෙස විකාශය කෙරේ.

    හෙටින් ආරම්භ වන එක් දින තරගාවලියට තරග 05 ඇතුලත්වේ. එම තරග මාර්තු 3, 6, 10, 13,22 සහා 24 වැනිදා පැවැත්විමට නියමිතයි.

    Sri Lanka ODI squad

    Lasith Malinga (captain), Avishka Fernando, Upul Tharanga, Niroshan Dickwella (vice-captain), Kusal Perera, Kusal Mendis, Dhananjaya de Silva, Thisara Perera, Akila Dananjaya, Angelo Perera, Oshada Fernando, Kamindu Mendis, Priyamal Perera, Isuru Udana, Vishwa Fernando, Kasun Rajitha, Lakshan Sandakan

    South Africa ODI squad

    Faf du Plessis (capt), Quinton de Kock (wk), Reeza Hendricks, Imran Tahir, David Miller, Wiaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Andile Phehlukwayo , Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Dale Steyn, Rassie van der Dussen

    දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආරාධිත කණ්ඩායම සමඟ බෙනෝනි හි දී ඊයේ පැවති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලූ 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කලේය. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ආරාධිත පිල පන්දු වාර 48 කදී සියලූ දෙනා දැවී ලකුණු 304 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 41 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 307 ක් ලබමින් ජය හිමිකර ගත්තේය.

     

     

     

     

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 13:04

    Latest News