“වුමන්ස් රූ සික්සර්ස්“ ශුරතාව යුද හමුදා කණ්ඩායමට....(වීඩියෝ)

මාර් 08, 2022
  • කාන්තා දිනයට සමගාමීව ජාතික රූපවාහිනිය සංවිධානය කළ “වුමන්ස් රූ සික්සර්ස්“ ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත්වුණා.

    ඔවුන් තරග වැඳුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමඟයි. තරගය කොළඹ, බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. කාන්තා කණ්ඩායම් 6ක් තරගාවලියට එක්ව සිටියා. අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර 5 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 73ක් රැස් කළා. දක්ෂ පිතිහරඹයක නිරත වූ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 46යි. ලකුණු 74ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට ලබාගත හැකිවුයේ කඩුලු 3ක් දැවී ලකුණු 64ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට ලකුණු 9ක ජයක් හිමිවුණා. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව යුද හමුදා කණ්ඩායමේ ඉමල්කා මෙන්ඩිස්. තරගාවලියේ ජය සකේත ප්‍රදානය කෙරුණේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. තරගාවලිය සංවිධාන කිරීම ගැන අදහස් පළ කළ සභාපතිවරයා...

    බස්නාහිර පළාත් දැල්පන්දු සම්මේලනය කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ අන්තර් දිස්ත්‍රික් දැල්පන්දු තරගාවලිය ටොරින්ටන්හිදී පැවැත්වුණා. දිස්ත්‍රික්ක 3 නියෝජනය කරමින් කණ්ඩායම් 06ක් මීට එක්ව සිටියා. තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතායි.

    Latest News