ශ්‍රී ලංකා තරගාවලිය දීපක් චහාර්ට අහිමි වෙයි

පෙබ 23, 2022

    ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර්ට, ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    දකුණු පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන් ඔහුට සති 6ක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

    මේ වන විටත් ඔහු ඉන්දීය කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News