ඉන්දියාව සමඟ T-20ට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි....

පෙබ 21, 2022

    ඉන්දියාව සමඟ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) නිවේදනය කෙරුණා.

    ඊට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා. නම් කරන ලද කණ්ඩායමේ නායකයා දසුන් ශානක. පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක සහ කමිල් මිෂාර පිතිකරුවන් ලෙස කණ්ඩායමට කැඳවා තිබෙනවා.
    ජනිත් ලියනගේ, වනිදු හසරංග සහ චාමික කරුණාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයින්.
    දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම සහ අශේන් ඩැනියෙල් පන්දු යැවීමේ අංශය ශක්තිමක් කරනු ඇති.
    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය ලබන 24 වැනිදා පැවැත්වෙනවා.

    Latest News