A.D Sports අභියෝගිතා ක්‍රිකට් තරගාවලිය මාර්තු ඇරඹේ

පෙබ 14, 2022

    A.D Sports ආයතනය 3 වැනි වරටත් සංවිධාන කරන වයස අවුරුදු 15 පහළ A.D Sports අභියෝගිතා ක්‍රිකට් තරගාවලිය මාර්තු 01 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිතයි.

    ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා පන්නිපිටිය ග්‍රෑන්ඩ් රෝයල්ටන් හිදී පැවැත්විණ. එහිදී තරගාවලිය පැවැත්වීමේ අරමුණ, තරගාවලියේ සැළැස්ම සහ අනුගමනය කළයුතු නීති පිළිබඳව සාකච්ජා කෙරිණ.

    තරගාවලියේ ප්‍රථම අදියර දෙක පුහුණුකරුවන්ගේ තරගාවිලයක් ලෙස පැවැත්වෙන අතර මේ වසරේ අවුරුදු 15න් පහළ තරග මාලාවක් ලෙස පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ. ඒ අනූව කොළඹ සහ කොළඹ අවට ප්‍රධාන පෙළේ ක්‍රිකට් කණ්ඩායම් 10ක් මෙම තරගාවලියට සහභාගී වෙයි.

    මූලික වටයේ තරග 20ක්, අර්ධ අවසන් තරග ද්විත්වයක් සහ අවසන් මහ තරගය සමග සමස්ත ‍තරග 23ක් ඇතුළත් වී තිබේ. පන්දුවාර 30 තරග ලෙස මූලික තරග දෙහිවල එස්.ද එස්.ජයසිංහ ක්‍රීඩාංගණයේ දී සහ ශ්‍රී ජයවර්ධනපුර සී.එම්.එස්.ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

    අවසන් මහා තරගය පන්දුවාර 50 තරගයක් ලෙස කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිඩාංගණයේ පැවැත්වෙයි. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය SS ආයතනය දරන අතර සෙසු අනුග්‍රහයක් ලෙස SG ආයතනය, SPEED ආයතනය, NB ආයතනය, GIMA ආයතනය හා RS ආයතනය කටයුතු කරයි.

    Latest News