සුපිරි පන්දු වාරයෙන් ඕස්ට්‍රෙිලියාවට ජය...

පෙබ 13, 2022

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රෙිලියාව අතර දෙවැනි 20-20 තරගය අද "සිඩ්නි" ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා.

    තරගය ආරම්භයේ සිට උණුසුම් මුහුණුවරක් ගත් අතර, ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තා. ලකුණු 165 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 164 ක් ලබාගනිමින් තරගය සම තත්වයෙන් අවසන් කිරීමට සමත්වුණා.  

    විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකල පැතුම් නිශ්ෂංක පන්දු පන්දු 53 කට මුහුණ දෙමින් ලකුණු 73 ක් ලබාගැනීමට සමත්වුණා. එයට 04 පහර 07 ක් සහ 06 පහර 02 ක් ඇතුලත්.  තරගය සමවීම හේතුවෙන් ජයග්‍රහණය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් යැවීමට තීරණය වූ අතර මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාරයේදී කඩුලු 01දැවී ලබාගත්තේ ලකුණු 05 ක් පමණයි. පිළිතුරු ලෙස ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම සිය පන්දුවාරයේ 03 වන පන්දුවේදී ජයග්‍රහණය තහවුරු කළා. තරග 05 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස ඔස්ට්‍රෙිලියාව පෙරමුණේ සිටිනවා.

    Latest News