දෙවැනි 20-20 තරගය අද (13)

පෙබ 13, 2022

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙිලියාව අතර දෙවැනි පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01.30 ට එය "සිඩ්නි" ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. දෙරට අතර 20 - 20 ක්‍රිකට් තරගාවලියට තරග 05 ක් ඇතුලත්.

    තරගාවලියේ පළමු තරගය "ඩක්වත් සහ ලුවිස්" න්‍යායට අනුව ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට සමත්වූයේ ඔස්ට්‍රෙිලියාවයි. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රිලියාව ලකුණු 149 ක් රැස්කළා. ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 122 ක් පමණයි.

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙිලියාව අතර මේ දක්වා 20 - 20 ක්‍රිකට් තරග 18 ක් පවත්වා ඇති අතර ඉන් තරග 10 ක් ඔස්ට්‍රෙිලියාව ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව තරග 08 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    Last modified on ඉරිදා, 13 පෙබරවාරි 2022 13:09

    Latest News