වනිදුට ඉන්දීය රු. කෝටි 10.75ක ලංසුවක්....

පෙබ 12, 2022

    "2022 ඉන්දීය ප්‍රිමියර් ලීග්" පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකවනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75කට අලෙවි වී තිබෙනවා.

    එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 28කට අධික මුදලක්. IPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (12) ඉන්දියාවේ බැංගලෝර්හිදී ආරම්භ කෙරු‍ණා. වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23කගේ නම් ඇතුලත්ව තිබෙනවා. ලොව අංක එකේ 20-20 පන්දු යවන්වා වන වනිඳු හසරංග අද "රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්" කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලකටයි.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවූ වැඩිම මුදල ලෙසයි මෙය සැලකෙන්නේ. වෙන්දේසිය පැවති පළමු දිනයේ ඉන්දීය ක්‍රීඩක ඉෂාන් ක්‍රිෂාන් ඉන්දීය රුපියල් කෝටි 15.25ක මුදලකට මුලකට මිලදී ගනු ලැබ ඇත්තේ "මුම්බායි ඉන්දියන්ස්" කණ්ඩායම විසින්. "කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ශ්‍රෙයාස් ඉයර් ඉන්දීය රුපියල් කෝටි 12.25කට මිලදී ගෙන තිබෙනවා.

    ඊට අමතරව පර්ෂාල් පටෙල් "රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්" කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 10.75කට මිලදී ගනු ලැබුවා. "සන්රයිසස් හයිද්‍රාබාද්" කණ්ඩායම නිකලස් පූරන් මිලට ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 10.75කටයි. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 600 දෙනෙකුගේ නම් ඇතුලත්ව තිබෙනවා. ඊට ඉන්දීය ක්‍රීඩකයින් 377 දෙනෙකු සහ අනෙකුත් රටවල ක්‍රීඩකයින් 223 දෙනෙකු ඇතුලත්.

    Last modified on සෙනසුරාදා, 12 පෙබරවාරි 2022 18:50

    Latest News