ඒෂියන් ලයන්ස් ක්‍රීඩකයන්ට ජය....

ජන 25, 2022

    ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය මහරාජාස් කණ්ඩායම සහ ඒෂියන් ලයන්ස් කණ්ඩායම අතර තරගයෙන් ජය හිමිකර ගැනීමට ඒෂියන් ලයන්ස් ක්‍රීඩකයන් සමත්වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ, ඕමානයේදී. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය මහරාජාස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඒෂියන් ලයන්ස් ඉනිම ආරම්භ කළේ, ටී.එම්. ඩිල්ෂාන් සහ රොමේෂ් කළුවිතාරණ. කළුවිතාරණ ලකුණු 13ක් රැස් කළා. දක්‍ෂ පිතිහරඹයක නිරත වූ උපුල් තරංග පන්දු 45කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 72ක්. ඔහුගේ ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 4ක් ඇතුලත්. අස්ගර් ඇෆ්ගන් පන්දු 28කදී නොදැවී ලකුණු 69යි.
    ඒෂියන්ස් ලයන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 193ක්. පිළිතුරු ලෙස ඉන්දීය මහරාජාස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ, ලකුණු 157ක් පමණයි. මන්ප්‍රීත් ගෝනි ලකුණු 35යි. ස්ටුවට් බිනී සහ යුසුෆ් පතාන් ලකුණු 25 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී නුවන් කුලසේකර, මොහොමඩ් රාෆික් සහ අස්ගන් ඇෆ්ගන් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

    Latest News