කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට....

ජන 24, 2022

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

    ඒ, ක්‍රීඩා උළෙලට තෝරා ගැනීම සඳහා බංග්ලාදේශය සමඟ පැවති තරගය ජය ගනිමින්. තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස් කළා. චමරි අතපත්තු ලකුණු 48යි. පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 114ක් පමණයි. ඒ අනුව, ශ්‍රී ලංකාවට ලකුණු 22ක ජයක් හිමිවුණා.

    Latest News