24 කුසල් ලොව විශිෂ්ඨයෙක් බවට පත් වෙයි – ස්ටීව් රික්සන්

පෙබ 27, 2019

    ශ්‍රි ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් ලොව විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන බව පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් පවසයි.

    දැනටමත් ඔහු විසින් එවැනි ලක්ෂණ පෙන්නුම් කරණ බවයි ඔහු පවසන්නේ. කුසල් මෙන්ඩිස් පහරදීම සඳහා තෝරා ගන්නා පන්දු ඉතා විශිෂ්ඨ බව රික්සන් පවසයි. තවමත් 24 හැවිරිදි වියේ පසුවන කුසල් මෙන්ඩිස් කාලයත් සමඟ දීප්තිමත් ක්‍රිකට් තරුවක් වනු ඇති බව ඔහුගේ අනාවැකි යයි.

    නවාසීලත්න තරගාවලියේ ප්‍රථම තරගයෙන් පසු ඔහු අසාර්ථක විමත් සමග දැඩි බලපැමක් මාධ්‍ය මගින් එල්ල කෙරිණි. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදි ද ඔහු අසාර්තක වුවත් අවසන් තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු අතරට පිවිසෙමින් තරගයේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත් වුයේය.

    kusal1 px 900 19 02 27

    ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මෙම ජයග්‍රහනය පදනම්ව කණ්ඩායම ගැන ද අදහස් පල කර ඇත.

    පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් “නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේදී මා වෙනස්කම් බොහොමයක් දැක්කේ නැති නමුත් දකුණු අප්‍රිකාවේ දී මානසික හැගීම් වෙනස්වීමක් සහ පුහුණුවේදි වඩාත් සියුම් ආකාරය දැක තිබේ“ යනුවෙන් රිචන් මහතා පැවසීය. “ක්‍රීඩකයන් තමන් ගැනම සතුටට පත් වනවා. ඩර්බන්හි ටෙස්ට් තරඟය ජයග්‍රහනය කිරීම ඔවුන්ගේ ජිවිත කාලයේම එක්වරක් අත්විඳින අත්දැකීමක්“.

    ස්ටීව් රික්සන් “ මම ජයග්‍රාහනය ගැන හිතුවේ නැහැ“, ඔහු ඩර්බන්හි ලකුණු 304 ඉලක්කය හඹා ගිය අතර, අවසන් කඩුල්ල සඳහා ලකුණු 78 ක සබඳතාවක් ලබා ගැනීමට ඔහු සමත් විය. “මම හිතුවේ නැහැ අපට අවස්ථාවක් තිබේවි කියලා. නමුත් යථාර්ථය නම් ඔබ තරගය තුළ දිගු වෙලාවක් සිටියොත්, ඔබට කවදාවත් එය නොදැනෙවි" විශ්ව ප්‍රනාන්දු එවැනි හොඳ සේවයක් කළා. කුසල් පෙරේරා අනෙක් අන්තයේ සිට තරගය ඉදිරියට ගෙන ගියා. මම කිසි විටකත් සිතුවේ නැහැ මේ අවස්ථාව ගැන මම සුදානම්ව සිටියේ අනෙක් පාර්ශවයට ජයග්‍රාහනය වෙනුවෙන් සුබ පතන්නයි. නමුත් මේ ක්‍රීඩාව අමුතු ක්‍රීඩාවක් , මම දිගු වේලාවක් බලා සිටි අතර මම කිසිවිටකත් පුදුමයට පත් වු අන්දම අවසන් නොවනු ඇති“ යැයි රික්සන් කියා සිටියි.

     

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 12:44

    Latest News