විලියම්සන් සුපිරි ඉණිමෙන් නවසීලන්ත ඉතිහාසය වෙනතකට

මාර් 02, 2019

    ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායම ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට බංගලාදේශය හා නවසීලන්තය අතර හැමිල්ටන්හි දී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සමත් විය.

    ඒ අනූව, නවසීලන්තය මෙම ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 715ක් රැස්කිරීමට සමත්විය. නවසීලන්තයට මෙම ටෙස්ට් තරගයේ දී දැවැන්ත ලකුණු ඉලක්කයක් කරා ගමන් කිරීමට නායක කේන් විලියම්සන් දායක වූ අතර ඔහු නොදැවී ලකුණු 200ක් රැස් කළේය.

    මේ අනූව, අඩුම තරග සංඛ්‍යාවකින් ලකුණු 6000 සීමාව පසුකළ ප්‍රථම නවසීලන්ත ක්‍රීඩකයා බවට පත්වූ අතර මීට පෙර මෙම වාර්තාව හිමිකරගෙන සිටියේ රොස් ටේලර් විසින්. කේන් විලියම්සන් ඉණිම 126ක දී මෙම දක්ෂතාව දැක්වූ අතර ඊට ශතක 20ක් ඇතුළත්.

    මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම ප්‍රථම ඉණිම සඳහා රැස්කළ ලකුණු 234ට පිළිතුරු ලෙසයි නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 715ක් රැස්කිරීමට සමත්වූයේ. නවසීලන්තය ලකුණු 715ක් රැස් කිරිමෙන් පසු ප්‍රථම ඉණිම අත්හිටුවා නැවත දෙවැනි ඉණිම සඳහා පන්දුවට පහරදීමේ අවස්ථාව බංගලාදේශයට ලබාදුන්නේය.

    බංගලාදේශ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලබාගෙන සිටින්නේ නවසීලන්තයට වඩා ලකුණු 307ක පසු පසින් සිටිමිනි. බංගලාදේශ කණ්ඩායමේ කඩුල්ලේ රැඳි සිටින සෞම්‍ය සර්කාර් ලකුණු 39ක් ද නායක මහමුදුල්ලා ලකුණු 15ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි.

    තරගයේ 4 වැනි දිනය හෙටයි.

    williamson1 px 900 19 03 02

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 12:49

    Latest News