ටෙස්ට් තරගාවලිය ජයගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු දිවයිනට

පෙබ 25, 2019

    දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්. කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

    ඔවුන් විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී උණුසුම් ලෙස පිළිගැනුණා. සෙසු ක්‍රීඩකයින් දකුණු අප්‍රිකාවේ රැඳී සිටින්නේ, එක්දින සහ 20-20 තරගාවලියට සහභාගිවීම සඳහායි.

     

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 20:16

    Latest News