LPL- Colombo Stars පිලට පළමු ජය

දෙසැ 07, 2021

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ජය වාර්තා කිරීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

    ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුළු 08 ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 116 ක් පමණයි.

    එහිදී ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට සාර්ථක වීමට හැකිවූයේ නැහැ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධනංජය ද සිල්වා ලකුණු 18 කටත්, අකිල ධනංජය ලකුණු 19 කටත්, දුෂ්මන්ත චමීර ලකුණු 25 කටත් කඩුළු 02 බැගින් බිඳ හෙලීය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3 ක් තුළ කඩුළු 06 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 26 යි. ධනංජය ද සිල්වා ලකුණු 24 යි.

    Latest News